ලිබර්ටි ප්‍රතිමාව භූමි කම්පාවකින් දෙදරයි



ඇමෙරිකාවේ නිව්යෝක් ඇතුළු නැගෙනහිර වෙරළ තීරයේ පිහිටි නගර රික්ටර් මාපකයේ ඒකක 4.8 ක භූමි කම්පාවකින් දෙදරා ගියේය.

භූමි කම්පාවෙන් ජීවිත හානි හෝ දේපොල හානි හෝ සිදුවූයේ නැත. නිව්යෝක් නුවර ලිබර්ටි දූපතේ පිහිටි ලිබර්ටි ප්‍රතිමාව ද භූමි කම්පාවෙන් දෙදරා ගියේය.

ඇමෙරිකාවේ වේලාවෙන් උදෑසන 10.23 ට පමණ හටගත් එම කම්පනය ෆ්ලොරීඩා සිට නිව්යෝක් දක්වා දැනුණි. භූමි කම්පාව හටගනිද්දී, නිව්යෝක් නුවර එක්සත් ජාතින්ගේ මූලස්ථාන ගොඩනැගිල්ලේ එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලය රැස් වී හමුවක් පැවැත්වීය. ඒ, ගාසා තීරයේ පලස්තීන සිවිල් වැසියන් ඊශ්‍රායල ප්‍රහාරවලින් විපතට පත්වීම සම්බන්ධයෙනි.

රික්ටර් මාපකයේ ඒකක 4.8 ක සටහන් කළ භූ කම්පනයෙන් අනතුරුව, පසුකම්පන 11 ක් ද හට ගත්තේය. ගෙවුණු දශක පහක කාලය තුළ කලාපයෙන් වාර්තාවූ තෙවන විශාලතම භූ කම්පනය මෙය යැයි ද පැවැසෙයි.

 (ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS