ලැබුණු ප්රතිඵලය පිළිගන්නවා

ප්රජාතන්ත්රවාදයට මුල් තැන දෙමින්, නිකුත් වුණු ඡන්ද ප්රතිඵල පිළිගන්නා බව පාකිස්තාන මහ මැතිවරණයෙන් දෙවැනි ස්ථානයට පත් වුණු හිටපු අගමැති නවාස් ෂරීෆ්ගේ මුස්ලිම් ලීගය කියයි.
පාකිස්තාන මහ මැතිවරණයෙන් වැඩි ඡන්ද ප්රතිශතයක් දිනාගෙන ඉදිරියට පැමිණ සිටින්නේ, විපක්ෂ දේශපාලන කණ්ඩායමක් වන, ඉම්රාන් ඛාන්ගේ ‘තරීක් ඊ ඉන්සාෆ්’ පක්ෂයයි.
ප්රතිඵල නිකුත් වෙමින් තිබියදී, පරාජය බාර ගැනීම මුස්ලිම් ලීගය පක්ෂය ප්රතික්ෂේප කළේය. ඔවුන් පාරිලිමේන්තුව වර්ජනය කරන බවට අනතුරු ඇඟවීමක් ද කළේය. කෙසේ නමුත් ප්රජාතන්ත්රවාදයේ නාමයෙන් එසේ නොකරන බව ඔවුන් නිකුත් කළ නිවේදනයෙහි දැක්වෙයි.
(එන්.ඩී.ටීවී)

