ලාහෝරයට මහ වැසි



නැගෙනහිර පාකිස්තානයේ ලාහෝර් නගරයට දින කිහිපයක තිස්සේ මහ වැසි ඇදහැලෙමින් පවතින බවත්, මෙතරම් දැඩි වර්ෂාපතනයක් ලාහෝරයට ඇද හැලුණේ වසර 38 කට පසුව බවත් පැවැසෙයි.

හදිසියේ හටගත් ජල ගැලීම් සහ නායයෑම් හේතුවෙන් පුද්ගලයෝ 6 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. ලාහෝර් නගරයේ මාර්ග රැසක් ජලයෙන් යටවී ඇති අතර ගමනාගමන කටයුතු මුළුමනින්ම අඩපණ වී ඇත.

(එන්.ඩී.ටීවී.)


RECOMMEND POSTS