ලා පල්මා ගුවන්තොටුපොළ වසා දැමේ



ස්පාඤ්ඤයට අයත් ලා පල්මා දූපතේ ගුවන්තොටුපොළ වසා දැමීමට බලධාරීන් පියවර ගෙන ඇත.

ඒ, 'කුම්බ්‍රේ' ගිනි කන්ද තවමත් පුපුරා යමින් පවතින බැවිනි.

'කුම්බ්‍රේ'  ගිනි කන්ද පුපුරා යෑම ආරම්භ වී මේ වනවිට සතියක කාලයක් ගතවී තිබේ.

ජීවිත හානි සිදු නොවුණත්, ගිනි කන්දෙන් පිටවුණු ලාවාවලට හසුවීමෙන් නිවාස ඇතුළු ගොඩනැගිලි 350ක් විනාශ විය.

ගිනි කන්දෙන් නිකුත්වන අළු දුමාරය මේ වනවිට කිලෝ මීටර් 4 ක දුරකට විසිරී පැතිරී ඇත.

ගුවන්තොටුපොල වසා දැමුණේ දුම්වලා හේතුවෙන් ගුවන් ගමන්වලට බාධා එල්ල වී ඇති බැවිනි.

(රොයිටර්)


RECOMMEND POSTS