ලබන වසරේ ධවල මන්දිරයේ ඉන්නේ නැහැ

පියා ඩොනල්ඞ් ට්‍රම්ප් 2020 ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය කර දිගටම ධුරයේ සිටියහොත්, තමන් ධවල මන්දිරයේ කටයුතුවලින් ඉවත් වන බවත් ව්‍යාපාරික කටයුතුවල දිගටම නියැලෙන බවත් ට්‍රම්ප් දියණිය ඉවන්කා පවසා ඇත.
මේ වනවිට ට්‍රම්ප්ගේ උපදේශිකාවක ලෙස කටයුතු කරන්නේ ඉවන්කාය. ඉවන්කාගේ සැමියා ජෙරාජ් ද ට්‍රම්ප්ගේ උපදේශකයෙකි. මොවුන් ඒ සඳහා වැටුපක් ලබා ගන්නේ ද නැත.
ට්‍රම්ප් කෝටිපති ව්‍යාපාරිකයෙකි. ට්‍රම්ප්ගේ ව්‍යාපාර සියල්ල බලා ගන්නේ ද ඉවන්කාය. ඉවන්කා මෙසේ කියා සිටියේ ඇමෙරිකාවේ සී.බී.එස්. නාළිකාව සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක් වෙමිනි.
(ඒ.එෆ්.පී.)

