ලන්ඩන් ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ගෙවීම් පැහැර හැරලා



මධ්‍යම ලන්ඩන් නුවර රථ වාහන ධාවනයේ දී ගෙවිය යුතු මුදල්, ලන්ඩනයේ විදෙස් තානාපති කාර්යාල රැසක් විසින් පැහැර හරිනු ලැබ ඇති බවත්, එම තානාපති කාර්යාල අතර ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ද ඇති බවත් බ්‍රිතාන්‍ය විදේශ කටයුතු අමත්‍යාංශයේ විදෙස් පොදුරාජ්‍ය මණ්ඩල සංවර්ධන කාර්යාලයේ ලේකම් ඩේවිඩ් රුට්ලි චෝදනා නගා තිබේ.

මධ්‍යම ලන්ඩන් නුවර වාහන තදබදය පවතින් කාල සීමාව ලෙස සැලකෙන්නේ උදේ 7 සිට සවස 6 දක්වාය. සති අන්තයේ නම් මෙම කාල සීමාව දහවල් 12 සිට සවස  6 දක්වාය. මෙම කාලසීමාවේ වාහන ධාවනය කරද්දී විශේෂිත මුදලක් අය කෙරේ.

එසේ වුවත් ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පමණක් නොව, ඇමෙරිකා, ජපන්, පෝලන්ත, ප්‍රංශ සහ ජර්මනිය වැනි ලොව බලවතක් රටවල තානාපති කාර්යාල පවා මෙම මුදල ගෙවා නැතැයි බ්‍රිතාන්‍ය විදේශ කටයුතු අමත්‍යාංශයේ විදෙස් පොදුරාජ්‍ය මණ්ඩල සංවර්ධන කාර්යාලයේ ලේකම් ඩේවිඩ් රුට්ලි පවසා ඇත.

ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ගෙවිය යුතුව ඇති මුළු මුදල පවුම් 652,120 කි. වියානා සම්මුතිය යටතේ, තානාපති සබඳතා පැවැත්වෙද්දී, විදෙස් තානාපති කාර්යාල, ඒවා ස්ථාපිත කළ රටේ අදාල රටේ නීතිරීතිවලට ගරු කළ යුතු යැයි ඩේවිඩ් රුට්ලි වැඩි දුරටත් පෙන්වා දී තිබේ.

(ඩේලි මිරර්)


RECOMMEND POSTS