ලන්ඩන් පිහි ප්‍රහාරය ත්‍රස්ත ප්‍රහාරයක්

එංගලන්තයේ දකුණු දිග ලන්ඩන් නුවර ඊයේ (2) දහවල් සිදුවුණු පිහි ප්‍රහාරය ත්‍රස්ත ප්‍රහාරයක් බව ස්කොට්ලන්ඞ් යාඞ් රහස් පොලිසිය පවසා තිබේ.
පිහි ප්‍රහාරය එල්ල කළේ ලන්ඩනයේ පදිංචි මුස්ලිම් සම්භවයක් ඇති 20 හැවිරිදි සුදේශ් අම්මාන් නමැති තරුණයා යැයි මේ වනවිට අනාවරණය වී ඇත. 2018 වසරේ දී, මොහුට තෙවසරක සිර දඬුවමක් නියම විය.
ඒ, අල් කයිඩා ත්‍රස්ත සංවිධානයේ මතවාද සමාජ මාධ්‍ය හරහා ප්‍රචලිත කිරීමේ වරදටය. කෙසේ නමුත් වසර 1 1/2 ක් ගතවෙද්දී සුදේශ් අම්මාන්ට නිදහස හිමිවී ඇතැයි බි්රතාන්ය පුවත් සේවා වාර්තා කර තිබේ.
සුදේශ් අම්මාන් ‘මෂේතේ’ (මන්නා පිහියක්) වර්ගයේ දිගු පිහියක් අතැතිව ජනතාවගෙන් පිරී පැවැති ස්ත්රෙතන්හැම් වීදියේ කලහ කරමින් පහර දුන්නේය. පිහි ප්‍රහාරයෙන් තුවාල ලැබුවේ අවුරුදු 44 ක් සහ 55 ක් වයසැති පිරිමියකු සහ කාන්තාවකි. මොවුන් දෙදෙනා කඩිනමින් රෝහල්ගත කර කෙරුණි.
සුදේශ් අම්මාන් ප්‍රහාරය එල්ල කර ඇත්තේ බෝම්බ කබායකින් සැරැසී සිටිනවා යැයි කෑ කෝ ගසමිනි.
ප්‍රහාරය සැලවීමත් සමඟ මිනිත්තු කීපයක් යද්දී ලන්ඩන් පොලිසියේ ත්‍රස්ත මර්දන පොලිස් ඒකකයේ විශේෂ නිලධාරීහු එම ස්ථානයට පැමිණියහ. සිවිල් ඇඳුමින් සිටි එක් පොලිස් නිලධාරියකු තරුණයා කොටු කර ගත් අතර, ඔහුට යටත් වෙන්නැයි පැවැසුව ද තරුණයා ඊට කන් නොදුන් බැවින් පොලිස් නිලධාරියා ඔහුට වෙඩි තැබුවේය.
වෙඩි ප්‍රහාරයෙන් තරුණයා එම අවස්ථාවේදීම ජීවිතක්ෂයට පත් විය. තරුණයා පැළඳ සිටියේ ව්‍යාජ බෝම්බ කබායක් බව පසුව අනාවරණය වූයේ බෝම්බ නිෂ්ක්‍රීය අංශ නිලධාරීන් පැමිණීමෙන් අනතුරුවය. ප්‍රහාරය සම්බන්ධයෙන් බ්‍රිතාන්‍ය අගමැති බොරිස් ජොන්සන් මෙන්ම ලන්ඩන් පුරපති සදීක් ඛාන් ද සිය කනස්සල්ල පළ කර තිබේ.
(ඒ.එෆ්.පී.)

