ලඩාක් බෞද්ධයෝ කනස්සල්ලෙන්
ඉන්දු කාශ්මීරයට අයත් ජම්මු, කාශ්මීර් සහ ලඩාක් යන පළාත් ඉන්දීය රජයේ පාලනයට නතු කරගෙන වසරක් ගතවී ඇතත්, ජම්මු සහ කාශ්මීර් යන පළාත්වල පමණක් නොව ලඩාක් පළාතේ ද කිසිදු සංවර්ධනයක් හෝ සිදුවී නැතැයි ලඩාක් බෞද්ධ වැසියෝ පවසති.
ජම්මු, කාශ්මීර් සහ ලඩාක් යන පළාත් ඉන්දීය රජයට නතු කර ගැනීම සිදුවූයේ පසුගිය අගෝස්තුවේ ඉන්දීය ව්‍යවස්ථාවේ 370 වැනි වගන්තිය අහෝසි කිරීමට ඉන්දීය අගමැති නෙර්න්ද්‍ර මෝදිගේ භාරතීය ජනතා පක්ෂය පියවර ගැනීමත් සමගය.
ඉන්දීය පාලනයට නතු කාශ්මීරයේ ලඩාක් පළාත සුවිශේෂී වන අතර, එහි වාසය කරන බහුතරය බෞද්ධයන්ය. ජම්මු කාශ්මීරයට පමණක් නොව ලඩාක් පළාත ද ඉන්දීය රජයේ පාලනයට නතු කර ගැනීම සිදුවූයේ එම පළාත් දියුණු කරමින් යටිතල පහසුකම් වර්ධනය කිරීමේ පොරොන්දුවකට අනුවය.
එම අවස්ථාවේදී ලඩාක් වැසියෝ මහත් ප්‍රීතියට පත් වුණු බව ඉන්දීය මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි. කෙසේ නමුත් මේ වනවිට ලඩාක් බෞද්ධ වැසියන් කනස්සල්ලට පත්වී සිටින්නේ, පොරෝන්දු වූ පරිදි කිසිදු සංවර්ධනයක් සිදු නොවන බව පෙන්වා දෙමිනි. පොරොන්දු වූ පරිදි අධ්‍යාපන පහසුකම් හෝ සෞඛ්‍ය පහසුකම් හෝ තවමත් තමන්ට ලැබී නොමැති බව ලඩාක් වැසියෝ පවසති.
බ්‍රිතාන්‍ය යටත් විජිතයක් ලෙස පැවැති ඉන්දියාවට නිදහස හිමිවූයේ 1947 වසරේදීය. එම අවස්ථාවේදී මුස්ලිම් වැසියන් වෙනුවෙන් පාකිස්තාන බිහිවිය. ඉන්දියාවටත් අභිනවයෙන් බිහිවුණු පාකිස්තානයටත් හිමාල අඩවියේ පිහිටි කාශ්මීර ප්‍රදේශය පොදු වුණු අතර, කාශ්මීරයට අයත් ජම්මු, කාශ්මීර් සහ ලඩාක් යන පළාත් පාලනය කළ ප්‍රදේශීය මුස්ලිම් නායකයා, පාකිස්තානය සමඟ එක්වීම වෙනුවට ඉන්දියාව සමඟ එක්වීමට තීරණය කළේය. ඒ අනුව, ජම්මු, කාශ්මීර් සහ ලඩාක් ඉන්දීය පාලනයට නතු කාශ්මීරය බවට පත් වුණු අතර, සෙසු කාශ්මීර ප්‍රදේශ පාකිස්තානයේ පාලනයට නතු විය.
ඉන්දු කාශ්මීරය ඉන්දියාවට එක් කර ගන්නා අවස්ථාවේදී, ඉන්දීය රජය කාශ්මීරයේ මුස්ලිම් වැසියන්ට ප්‍රමුඛත්වය දී, ඔවුන්ගේ අයිතීන් සහ ආරක්ෂාව සුරැකීම වෙනුවෙන්, විශේෂිත බලතල පැවරීය. ඒ, ඉන්දීය ව්‍යවස්ථාවේ 370 වැනි වගන්තිය යටතේය. ඒ අනුව ඉන්දියාවේ සෙසු ප්‍රාන්ත මෙන් නොව, ඉන්දු කාශ්මීරයට ස්වං පාලනයක් හිමිවිය.
370 වැනි වගන්තිය යටතේ, ඉන්දීය පාලනයට නතු කාශ්මීරයට හිමිවී තිබුණේ විශේෂ තැනකි. ඉන්දු කාශ්මීරයට වෙනම ව්‍යවස්ථාවක් තිබුණි. ජනතා නියෝජිතයන් ලෙස සහ දේශපාලනඥයන් ලෙස ඉදිරිපත් විය හැකිව තිබුණේ ඉන්දු කාශ්මීරයේ මුස්ලිම් වැසියන්ට පමණි. ඉන්දු කාශ්මීරයේ ඉඩම් මිලදී ගැනීම, ආයෝජන ඇති කිරීම ආදිය ද කළ හැකිව තිබුණේ ඉන්දු කාශ්මීරයේ මුස්ලිම් වැසියන්ට පමණය. 370 වගන්තිය අහෝසි කිරීමත් සමඟ ඒ සියලු බලතල අහිමි විය.
ලඩාක් පළාතේ විශාලතම නගරය ‘ලේහ්’ ය. ලඩාක් හි ටිබෙට් බෞද්ධයෝ සියයට 39.7 ක් ද, ෂියා මුස්ලිම්වරු සියයට 46.4 ක් ද හින්දු භක්තිකයෝ සියයට 12.1 ක් ද වෙති. ඊට අමතරව සීක් ජාතිකයෝ ද ලඩාක් පළාතේ වෙසෙති.
ලඩාක් පළාතේ ඩ්රාස් සහ ඩා හනු යනුවෙන් හැඳින්වෙන ප්‍රදේශවල පදිංචිවී සිටින්නේ ඩාර්ඩ් වැසියන්ය. ඩා හනු පළාතේ වැසියන් බ්‍රොක්පා ලෙස හැඳින්වෙයි. ටිබෙට් බෞද්ධයන් වන්නේ මොවුන්ය. මොවුන් නවීන ලෝකයෙන් ඈත් වී සාම්ප්‍රදායට ගරු කරන පිරිසක් ලෙස මොවුන් සැලකෙයි.
ලෙහේහිදීය (ඒ.එෆ්.පී.)

