රෝගීන්ට දෙන්නේ ඒඞ්ස් රෝගීන්ට දෙන බෙහෙත්



මාරක කොරෝනා වයිරසය වැළැඳුණු රෝගීන්ට, එච්.අයි.වී. වයිරසය ආසාදනය වූ රෝගීන්ට ලබා දෙන ඖෂධ ලබා දෙක බව චීන ජාතික සෞඛ්‍ය කොමිසම කියයි.

චීනයේ හුබෙයි පළාතේ වූහාන් නුවරින් ඇරැඹුණු නව කොරෝනා වයිරසයට මෙතෙක් ප්‍රතිකර්මයක් සොයා ගෙන නොමැති අතර, ඊට එන්නත් හෝ බෙහෙතක් සෙවීමට චීන වෛද්‍ය පර්යේෂකයන් මෙන්ම බටහිර වෛද්‍ය පර්යේෂකයන් ද උත්සාහ ගනිමින් සිටින බව වාර්තා වේ. මේ වනවිට නව කොරෝනා වයිරසයේ ජානමය කේත හඳුනාගෙන ඇතැයි ඇමෙරිකන් වෛද්‍ය පර්යේෂකයන් පවසා ඇත.

ඒඞ්ස් රෝගය ඇතිවන්නේ එච්.අයි.වී. වයිරසය නිසාය. එච්.අයි.වී. ආසාදිත රෝගීන්ට ලබා දෙන ඖෂධ වර්ග දෙකක් වන්නේ ලොපිනවීර් සහ රිටොනිවීර්ය. කොරෝනා වයිරසය ආසාදනය වූ රෝගීන්ට මෙම ඖෂධ වර්ග දෙක බලා දෙන බව ද වාර්තා වේ.

බීජීංහිදීය (ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS