රොහින්ග්‍යා අර්බුදය ආරක්ෂක සමුළුවට



මියන්මාර රොහින්ග්‍යා මුස්ලිම් සුළු ජාතිකයන් මුල්කොට ගනිමින් නිර්මාණය වී ඇති අර්බුදය සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්වීමට එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය රැස් විය.

මේ වනවිට ප්‍රචණ්ඩ ක්‍රියා හේතුවෙන් පණ බේරා ගනිමින් රොහින්ග්‍යා මුස්ලිම් වැසියන් 4,80,000 ක පිරිසක් මියන්මාරයෙන් පලා ගොස් අසල්වැසි බංග්ලාදේශයේ රැඳී සිටින බව පැවැසෙයි.

රොහින්ග්‍යා මුස්ලිම් සුළු ජාතිකයන් සම්බන්ධයෙන් හටගත් අර්බුදය හේතුවෙන් තමන් දැඩි ලෙස කනස්සල්ලට පත් වී සිටින බව එක්සත් ජාතීන්ගේ මහ ලේකම් ඇන්තෝනියෝ ගුටරේට්ස් ආරක්ෂක මණ්ඩලයේ සාමාජික රටවල නියෝජිතයන් හමුවේ කියා සිටියේය.

ජගත් මහ ලේකම්වරයා මියන්මාර නිල නොවන නායිකා අවුන් සාන් සූ කීගෙන් සහ ඇගේ රජයෙන් දිගින් දිගටම ඉල්ලා ඇත්තේ රොහින්ග්‍යා මුස්ලිම් වැසියන් ආරක්ෂා කිරීමට පියවර ගන්නා ලෙසය. කෙසේ නමුත් අවුන් සාන් සූ කී ඊට කන් නොදෙන බවට මහ ලේකම්වරයා චෝදනා කර තිබේ.

රොහින්ග්‍යා මුස්ලිම් සුළු ජාතිකයන් පදිංචි වී සිටින්නේ මියන්මාරf්ය් රකීන් නමැති පළාතේය. ඔවුන් එම පළාත අත්පත් කර ගැනීමට උත්සාහ ගන්නා බව මියන්මාර රජය චෝදනා කරයි. රොහින්ග්‍යා මුස්ලිම් සුළු ජාතිකයන් සමඟ ඉස්ලාමීය ත්‍රස්තවාදී කල්ලි සම්බන්ධකම් පවත්වන බවට ද මියන්මාර හමුදාව චෝදනා කර තිබේ.

(ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS