රෙදි සෝදන යන්ත්‍රය තුල සිරවු දරුවා බේරාගැනේ



සෞදි අරාබියේ ජාසන් නගරයේ නිවසක සෙල්ලම් කරමින් සිටි ගැහැණූ දරුවකු රෙදි සෝදන යන්ත්‍රයක් තුල සිරවී අනතුරකට ලක්වී ඇති අතර මහජන ආරක්ෂක එක්කයේ නිළධාරීන් පැමිණ දරුවා බේරාගත් බව ජි.ඩි.එන් ඔන්ලයින් වෙබ් අඩවිය වාර්තා කලේය. 

දරුවා බේරාගැනීම සදහා මහජන ආරක්ෂක එකකයේ නිළධාරීන්ට රෙදි සෝදන යන්ත්‍රය කෑලිවලට කපා දැමීමට සිදුවී ඇත. 

තම දරුවන්ගේ ආරක්ෂාව ගැන අවධානයෙන් සිටින ලෙසට ජාසන් මහජන ආරක්ෂක ඒකකයේ මාධ්‍ය ප්‍රකාශක, ලුතිනන් කර්නල් යහියා අල්-කටානි දෙමාපියන්ගෙන් ඉල්ලීමක් කර සිටියේය.  

 

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින් පුවත් ඇසුරෙනි)

 


RECOMMEND POSTS