රූපවාහිනී විවාදය පුටින් නිසා උණුසුම්



ප්‍රංශ ජනාධිපතිවරණයේ දෙවැනි වටය ලබන 24 වැනිදා පැවැත්වීමට නියමිත අතර, ඊට සහභාගී වන ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනා වන වත්මන් ජනාධිපති මධ්‍යස්ථමතධාරී ඉමැනුවෙල් මැක්රොන් සහ අන්ත දක්ෂිණාංශික නායිකා මරීන් ල පෙන් අතර රූපවාහිනී විවාදය පැවැත්විණි.

රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් යුක්රේනයට එරෙහිව ගත් හමුදාමය ක්‍රියාමාර්ගය විවාදයේ එක් මාතෘකාවක් වූ අතර, රුසියන් ජනාධිපතිවරයා මුල්කොට ගනිමින් මැක්රොන් සහ ල පෙන් අතරේ විවාදය උණුසුම් විය.

ල පෙන් රුසියන් ජනාධිපති පුටින්ට පක්ෂපාතීව අදහස් දැක්වූ අතර, මැක්රොන් මධ්‍යස්ථව අදහස් දක්වන්න වූයේ රුසියාව යුද්ධය නැවැත්විය යුතු බවත්, රුසියන් යුක්රේන යුද්ධය අවසන් කොට සාමය ස්ථාපිත වීම යුරෝපයේ ස්ථාවරත්වයට අත්‍යාවශ්‍ය බවත් පෙන්වා දෙමිනි.

(රොයිටර්)


RECOMMEND POSTS