රුසියාවේ මොස්කව් අගනුවරට ඩ්‍රෝන ප්‍රහාරයක්
රුසියාවේ මොස්කව් අගනුවරට, යුක්රේනයෙන් ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල විය. රුසියානු රජය චෝදනා කළේ යුක්රේනය නේටෝ සංවිධානයේත් ඇමෙරිකාවේත් සහාය ඇතිව එම ඩ්‍රෝන ප්‍රහාරය එල්ල කළ බවය.
මොස්කව් අගනුවරට එල්ල වුණු එම ඩ්‍රෝන ප්‍රහාර සියල්ල ගුවනේ දී ප්‍රතිප්‍රහාර එල්ල කරමින් විනාශ කිරීමට රුසියන් හමුදාව සමත් විය. ඩ්‍රෝන ප්‍රහාරයෙන් කිසිදු අනතුරක් සිදු නොවුණු බව ද පැවැසෙයි.
යුක්රේන හමුදාවට ඩ්‍රෝන තාක්ෂණය ලබා දී ඇත්තේ ඇමෙරිකාව ඇතුළු බටහිර රටවල්ය.
මේ අතර රුසියානු හමුදා යුක්රේනයේ කාර්කීව් පළාතේ මහල් නිවාස ගොඩනැගිලි කීපයකට සහ රථගාලකට මිසයිල ප්‍රහාර මාලාවක් එල්ල කළේය.
එම ප්‍රහාරවලින් යුක්රේන වැසියන් 43 දෙනෙකු තුවාල වූ බව පැවැසෙයි. තුවාල ලැබූවන් අතර වසරක් වයසැති සහ මාස 10 ක් වයසැති කුඩා දරුවකු ද සිටින බව පැවැසෙයි.