රුසියාවෙන් ජගත් අපරාධ අධිකරණයට තර්ජන



රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින්ට වරෙන්තු නිකුත් කිරීම සම්බන්ධයෙන්, රුසියාවෙන් තමන්ට විවිධාකාරයේ ‘තර්ජන’ එල්ල වන බව ජාත්‍යන්තර අපරාධ අධිකරණය චෝදනා කරයි.

ජාත්‍යන්තර අපරාධ අධිකරණය ඇත්තේ නෙදර්ලන්තයේ හේග් නුවරය. රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින්ට වරෙන්තු නිකුත් කිරීම සම්බන්ධයෙන් විරෝධය පළ කරමින්, හිටපු රුසියන් ජනාධිපතිවරයකු මෙන්ම දැඩි පුටින් හිතවාදියකු ද වන දිමිත්‍රි මෙඩ්වදේව් ජාත්‍යන්තර අපරාධ අධිකරණයට තර්ජනය කර ඇත්තේ ‘හයිපර් සොනික්’ මිසයිල ප්‍රහාරයක් එල්ල කරමින් ජාත්‍යන්තර අපරාධ අධිකරණයට පහර දෙන බවටය. දිමිත්‍රි මෙඩ්වදේව් රුසියන් ආරක්ෂක මණ්ඩලයේ නියෝජ්‍ය සභාපතිවරයා ලෙස කටයුතු කරයි.

රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් වහා අත්අඩංගුවට ගන්නැයි ජාත්‍යන්තර අපරාධ අධිකරණය වරෙන්තුවක් නිකුත්  කළේ රුසියාව, යුක්රේනයට එරෙහි හමුදා ක්‍රියා මාර්ගයක් අනුමනය කරමින් යුද අපරාධ සිදුකළ බවට එල්ල වන චෝදනා සම්බන්ධයෙනි.

නීතිවිරෝධී ලෙස ළමයින් පිටුවහල් කිරීම සහ යුක්රේන භූමියේ සිට රුසියාවට නීතිවිරෝධීව ලෙස පුද්ගලයන් මාරු කිරීම සම්බන්ධයෙන් ද රුසියන් ජනාධිපතිවරයාට ජාත්‍යන්තර අපරාධ අධිකරණය චෝදනා නගා තිබේ.

(රොයිටර්)


RECOMMEND POSTS