රුසියාවත් ක්‍රිමියාවත් යා කරන පාලමේ පිපිරීමක්



රුසියාවත්, යුක්රේනයේ ක්‍රිමියා අර්ධද්වීපයත් යා කරන කර්ච් පාලම මත ට්‍රක් රියක් පුපුරා ගියේය. පිපිරුමෙන් පාලමේ එක් කොටසකට ද හානි සිදුවිය.

රුසියන් හමුදා ක්‍රිමියා බෙදුම්වාදීන්ගේ ද සහාය ඇතිව ක්‍රිමියා අර්ධද්වීපය අත්පත් කර ගත්තේ 2014 වසරේදීය. ඒ අනුව, ක්‍රිමියා අර්ධද්වීපය 2014 වසරේ සිට රුසියාවේ පාලනය යටතේ පවතී.

යුරෝපයේ දිගට පාලම ලෙස ද සැලකෙන්නේ මෙම කර්ච් පාලම ය. පිපිරීමෙන් පසු සිදුවුණු හානිය ද සලකා බැලීමෙන් පසු පාලමේ කොටසක් විවෘත කිරීමට රුසියන් බලධාරීන් පියවර ගෙන තිබේ.

පාලමේ ට්‍රක් රථ පිපිරීම කඩාකප්පල්කාරී ක්‍රියාවක් බව පැවැසෙයි. එයින් තිදෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ.
මෙම පාලම රුසියාව විසින් දකුණු දිග යුක්රේනයට අවි ආයුධ සහ හමුදා සෙබළුන් ප්‍රවාහනය කළ ප්‍රධාන සැපයුම් මාර්ගයක් විය.

(රොයිටර්)


RECOMMEND POSTS