රුසියාවත් එකටඑක කරයි



මහා බ්‍රිතාන්‍යය, ඇමෙරිකාව ඇතුළු රටවල් එම රටවල රැඳී සිටින රුසියානු රාජ්‍ය තාන්ත්‍රිකයන් නෙරපා දැමීමට පියවර ගැනීමත් සමඟ, රුසියාව ද තමන්ගේ රටේ රැඳී සිටින රටවල් 23 ක රාජ්‍ය තාන්ත්‍රිකයන් නෙරපා දැමීමට පියවර ගෙන ඇතැයි රුසියානු මාධ්‍ය වාර්තා කරයි.

රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන් නෙරපමින්, මහා බ්‍රිතාන්‍යය ඇතුළු බටහිර රටවල් රුසියාවට එරෙහිව කටයුතු කළේ, බ්‍රිතාන්‍යයයේ වාසය කරමින් සිටි රුසියානු රහස් ඔත්තු සේවා නිලධාරීයකු සහ ඔහුගේ දියණියට වස දීමේ සිදුවීම මුල්කොට ගනිමිනි. වසදීම කළේ රුසියාව යැයි මහා බ්‍රිතාන්‍යය චෝදනා කරයි. රුසියාව එය ප්‍රතික්ෂේප කර තිබේ.

(රොයිටර්)

 


RECOMMEND POSTS