රුසියාවට හා ඉරානයට එරෙහිව කුවේට් මන්ත්‍රීවරුන් උද්ඝෝෂණයක



සිරියාවේ ඇලෙප්පෝ නගරයේ සිවිල් වැසියන් ජන ජීවිතයට බාධා කරමින් රුසියාව හා ඉරානය එක්ව සිදු කරන මෙහෙයුම් වලට එරෙහිව කුවේටයේ සිටින රුසියා හා ඉරාන තානාපතිවරුන් පන්නා දමන ලෙසට රජයට බල කරමින් කුවේට් පාර්ලිමේන්තුවට අලුතින් තේරී පත් වූ මන්ත්‍රීවරුන් පිරිසක් එම තානාපති කාර්යාල ඉදිරිපිටදී උද්ඝෝෂණයක් පවත්වා ඇත.

කුවේටයේ අගනුවර වූ කුවේට් සිටි හි ඊයේ (14) සවස පැවති මෙම උද්ඝෝෂණ එරට සිවිල් සංවිධාන කිහිපයක නියෝජිතයින් රැසක්ද සහභාගී වූහ.

දිගින් දිගටම  ඇලෙප්පෝ නගරයේ රුසියාව හා ඉරාන එක්ව සිදු කරන මෙහෙයුම් වලින්  ගොඩනැගිලි පුපුරැවා හරිමින් එහි සිටින සිවිල් වැසියන් ජන ජීවිතියට බාධා කරමින් සිටින බවත් ,එබැවින් ටෙහෙරාන්  සහ මොස්කව් නුවර අතර පවතින තානාපති සම්බන්ධතා නැවැත්විය යුතු බවද එම පාර්ලිමේන්තු මන්ත්‍රිවරු දැඩිව කියා සිටිති.

මේවන විට ඇලෙප්පෝ හි තත්ත්ව ඉතාම දරුනු වෙමින් සිටින බවත් ,කලාපීය සහයෝගීතාවය වෙනුවෙන් අරාබි රටවල නායකයින් වහා එක්ව භට කණ්ඩායම් යවනු වෙනුවට වහා අධාර යැවීම කළ යුතු බව පාර්ලිමේන්තු උද්ඝෝෂකයෝ පෙන්වා දෙති.

එසේම අරාබි ලීගය හෝ ඉස්ලාමිය සහයෝගීතා සංවිධානයවත් වහා හදිසි රැස්වීමක් කැඳවා රුසියානු හා ඉරාන තානාපතිවරුන්ට දැඩි අවවාදයක් ලබා දිය යුතු බව ඔවූහු පෙන්වා දෙති.

( තිළිණි ද සිල්වා )

ගල්ෆ් නිව්ස් ඇසුරෙනි......


RECOMMEND POSTS