රුසියාවට නව ආරක්ෂක අමාත්‍යවරයෙක් පත් කෙරේ



රුසියන් ආරක්ෂක අමාත්‍යවරයා ධුරයේ වෙනසක් සිදු කිරීමට රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් තීරණය කර ඇත. 

ඒ අනුව, 2012 වසරේ සිට රුසියන් ආරක්ෂක අමාත්‍යවරයා ලෙස කටයුතු කරන 68 හැවිරිදි සර්ජී ෂොයිගු එම ධුරයෙන් ඉවත් කර, රුසියාවේ නියෝජ්‍ය අග්‍රාමාත්‍යවරයා ලෙස කටයුතු කරන 65 හැවිරිදි ඇන්ඩ්‍රයෙි බෙලොසෝව් ආරක්ෂක අමාත්‍ය ධුරයට පත් කර තිබේ.

හමුදාවට සම්බන්ධයක් නැති සිවිල් වැසියකු රුසියන් ආරක්ෂක අමාත්‍ය ධුරයට පත් කෙරුණු පළමු අවස්ථාව මෙය යැයි ද පැවැසෙයි.

ආරක්ෂක අමත්‍ය ධුරයෙන් ඉවත් කළ සර්ජී ෂොයිගු රුසියන් ආරක්ෂක කවුන්සිලයේ ප්‍රධාන සාමාජිකයකු ලෙස පත් කිරීමට ද ජනාධිපති පුටින් පියවර ගෙන ඇතැයි ද පැවැසෙයි. සර්ජී ෂොයිගු පුටින්ගේ සමීපතම මිතුරෙකි. 

රුසියාව යුක්රේනයට එහෙිව හමුදා ක්‍රියාමාර්ගයක් අනුගමනය කරන්නේ ද සර්ජී ෂොයිගුගේ සැලැසුම්වලටඅ නුව යැයි ද පැවැසෙයි. රුසියන් යුක්රේන යුද්ධයට වසර දෙකකට වැඩි කාලයක් ගත වී තිබේ.

(ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS