රුසියාව චීනයෙන් හමුදා සහාය ඉල්ලයි



යුක්රේන අර්බුදයේ දී තමන්ට හමුදා උපකරණ ලබා දී සහාය දක්වන්නැයි රුසියාව චීනයෙන් ඉල්ලීමක් කර තිබේ.

රුසියාව චීනයෙන් ඉල්ලා ඇත්තේ කුමන විදියේ යුද උපකරණ ද යන්න හෝ චීනය ඊට දැක්වූ ප්‍රතිචාරය සම්බන්ධයෙන් හෝ මෙතෙක් අනාවරණය වී නැත.

රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් සහ චීන ජනාධිපති ෂී ජින්පින් අතරේ සමීප මිත්‍රත්වයක් පවතින අතර, රුසියාවට කොන්දේසි විරහිතව සහාය දක්වන බව චීන ජනාධිපති ජින්පින් රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් හමුවේ ප්‍රතිඥා දී තිබේ.

(රොයිටර්)


RECOMMEND POSTS