රුසියානු බුද්ධි අංශ නිලධාරීන්ට වැඩවරදී !



රුසියාවේ FSB බුද්ධී අංශයේ සේවය කළ ආරක්ෂක විශේෂඥයන් දෙදෙනෙකුට සහ මෘදුකාංග සමාගමක සේවකයකුට එරෙහිව රාජ්‍යාද්‍රෝහී චෝදනාව යටතේ නඩු පවරා ඇති බව රුසියාවෙන් වාර්තාවේ .

FSB ඔත්තු සේවාවේ සයිබර් ආරක්ෂක අංශයේ හිටපු උප ප්‍රධානියා වන ස්රජි මිකේලොව්, දිමිත්‍රි දොකුචායෙව් සහ එරට මෘදුකාංග සමාගමක විධායක නිළධාරියකු වන රස්ලන් ස්ටොයානෙව් යන තිදෙනාටයි මෙලෙස චෝදනා එල්ල වී තිබේ.

ඔවුන් ඇමරිකානු අභිලාෂයන්ට අනුව කටයුතු කර ඇති නිසා ඔවුන්ව අත්අඩංගුවට ගත් බව නීතිවේදී ඉවාන් පැවුලෝව් කියා සිටියා. එම අත්අඩංගුවට ගැනිම පසුගිය ඇමරිකානු ජනාධිපතිවරන සමයේ දී සිදුවූ සයිබර් ප්‍රහාර හා සම්බන්ධයක් ඇති බව ඇතැම් ඇමෙරිකානු හිතවාදී මාධ්‍ය වාර්තා පෙන්වා දෙනවා.

කෙසේවෙතත්, මෙම අත්අඩංගුවට ගැනීම් සහ ඇමරිකානු ජනාධිපතිවරන සමයේ සිදු වූ සයිබර් ප්‍රහාර අතර සම්බන්ධයක් නොමැති බව රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින්ගේ මාධ්‍ය ප්‍රකාශක සඳහන් කළේය.

 

( තිළිණි ද සිල්වා )
ප්‍රෙස් ටීවී ඇසුරෙනි.....


RECOMMEND POSTS