රුසියානු අගමැතිට කොරෝනා

රුසියානු අග්‍රාමාත්‍ය මිකායිල් මිෂුස්ටින් ‘කොවිඞ් 19’ වයිරස ආසාදිතයකු බව හඳුනා ගැණුනි. අග්‍රාමාත්‍යවරයා ‘කොවිඞ් 19‘ හෙවත් නව කෙරෝනා වයිරස අසාදිතයකු යැයි තහවුරු වූයේ රුසියාවේ වයිරස ආසාදිතයන් සංඛ්‍යාව 10,000 පසු කරද්දීය.
තමන් ‘කොවිඞ් 19’ ආසාදිතයකු බව තහවුරු වුණැයි, වෛද්‍ය පරීක්ෂණයෙන් පසු, අග්‍රාමාත්‍යවරයා රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින්ට පැවැසුවේ, වීඩියෝ දුරකතන පණිවුඩයක් හරහාය.
ස්වයං නිරෝධායනයේ යෙදී සිටින බැවින් තමන්ට රාජකාරි කිරීමට අපහසු බව පෙන්වා දෙමින්, අග්‍රාමාත්‍ය බලතල නියෝජ්‍ය අග්‍රාමාත්‍ය ඇන්ඩේරයි බෙලෝසෝව් වෙත පැවැරීමට මිකායිල් මිෂුස්ටින්පියවර ගෙන ඇත. රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් වීඩියෝ ඇමතුමේ දී මිෂුස්ටින්ට ඉක්මන් සුව ප්‍රාර්ථනා කිරීමට අමතක නොකළේය.
54 හැවිරිදි මිකායිල් මිෂුස්ටින් රුසියාවේ අගමැති ධුරයට පත් වූයේ පසුගිය ජනවාරියේය. මිෂුස්ටින් අගමැති ධුරයට නම් කරනු ලැබුවේ ජනාධිපති පුටින් විසිනි. මිෂුස්ටින් කෘතහස්ථ දේශපාලනඥයකු පමණක් නොව ආර්ථික විශේෂඥයෙකි. 2010 සට මෙම 2020 ජනවාරි තෙක් මිෂුස්ටින්, රුසියන් ආදායම් බදු දෙපාර්තමේන්තුවේ ප්‍රධානියා ලෙස කටයුතු කළේය.
මොස්කව්හිදීය (රොයිටර්)

