රුසියා ජනපති චීන ජනපති හමුවක්
රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් සහ චීන ජනාධිපති ෂී ජින්පින් අතර හමුවක් ලබන මාසයේ පැවැත්වීමට නියමිතය.
හමුව රුසියාවේ ව්ලැදිවොස්කෝව් නගරයේ පැවැත්වීමට නියමිත නැගෙනහිර කලාපීය රටවල ආර්ථික සමුළුවට සමගාමීව පැවැත්වෙනු ඇතැයි ක්රෙම්ලීන ප්රකාශක දිමිති්ර පෙස්කෝව් පවසා ඇත.
නැගෙනහිර කලාපීය රටවල ආර්ථික සමුළුව පැවැත්වෙනු ඇත්තේ ලබන සැප්තැම්බර් 11 සිට 13 දක්වාය. ආසියානු රටවල රාජ්ය නායකයෝ රැුසක් මෙම සමුළුවට සහභාගී වීමට නියමිත යැයි පැවැසෙයි.
(රොයිටර්)

