රුසියන් හමුදා පරද්දන්න ඉක්මනින් අවි ආයුධ ඕනෑ



රුසියන් හමුදා ප්‍රහාර හමුවේ, ඉදිරිපෙළ සටන් වදින යුක්රේන හමුදා දැඩි පසුබෑමකට ලක්වී ඇති බවත්, රුසියන් හමුදා පරාජය කිරීමට නම්, යුක්රේනයට ලැබෙන අවි ආයුධ කඩිනමින් ලැබිය යුතු බවත් යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී, නේටෝ හෙවත් උතුරු අත්ලාන්තික් ගිවිසුම් සංවිධානයේ මහ ලේකම් ජෙන්ස් ස්ටොලෙන්බර්ග් හමුවේ පෙන්වා දී ඇත.

යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී සහ නේටෝ මහ ලේකම් ජෙන්ස් ස්ටොලෙන්බර්ග් අතරේ හමුවක් පැවැත්වූයේ නේටෝ මහ ලේකම්වරයා යුක්රේනයේ කීව් අගනුවරට පැමිණි අවස්ථාවේදීය.

මේ වනවිට නේටෝ සාමාජික රටවලින් යුක්රේනයට අවි ආයුධ ලැබෙයි. යුක්රේන ජනාධිපතිවරයා නේටෝ මහ ලේකම්වරයාට පැහැදිලි කර ඇත්තේ විටින් විට ආයුධ ලබා දීමට වඩා හැකි ඉක්මනින් එකවර ආයුධ විශාල ප්‍රමාණයක් ලබා දීම කළ හැකි නම් රුසියන් ප්‍රහාරවලට මුහුණ දීමට තම සෙබළුන්ට හැකි වනු ඇති බවය.

(ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS