රුසියන් සෙබළුන් 498 ක් මැරිලා



යුක්රේන රුසියානු යුද්ධය ආරම්භ වී සතියක් ගතවී ඇතත්, තවමත් එහි අවසානයක් දකින්න නොලැබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.

රුසියන් හමුදාව පවසා ඇත්තේ, සතියක් තිස්සේ පැවැති ගැටුම් හේතුවෙන් මියගිය රුසියන් සොල්දාදුවන් ගණන 498 දෙනකු බවය. ගැටුම් හේතුවෙන් තුවාල ලැබූ රුසියන් සොල්දාදුවන් ගණන 1,597 කි.

යුක්රේන රජය නිකුත් කළ නිවේදනයකට අනුව මේ වනවිට මියගොස් ඇති යුක්රේන වැසියන් ගණන 2,870 කි. 3,700 කි.

යුක්රේන හමුදා සොල්දාදුවන්ගෙන් 572 ක් රුසියන් හමුදාව විසින් අල්ලා ගෙන ඇතැයි පැවැසෙයි.

මේ අතර, යුක්රේනයට කඩා වැදී යුක්රේන හමුදා අත්අඩංගුවට පත් වුණු තරුණ රුසියන් සෙබළුන් සමඟ සුහදව කතාබහ කරමින්, ඔවුන්ට තේ කෝප්පයකින් සංග්‍රහ කිරීමට යුක්රේන වැසියෝ අමතක නොකළාහ.

අල්ලා ගත් රුසියන් සොල්දාදුවන්ට යුක්රේන හමුදාව සහ සිවිල් වැසියන් තේ දෙන අයුරු දැක්වෙන වීඩියෝ දසුන් මේ වනවිට ඩේල්මේල් වෙබ් අඩවිය ඔස්සේ ප්‍රසිද්ධියට පත් වී ඇත.

(රොයිටර්)


RECOMMEND POSTS