රුසියන් විදේශ ඇමැතිගේ සර්බියානු සංචාරය අවලංගුයි



රුසියානු විදේශ අමාත්‍ය සර්​ගේ ලැව්රොව් සර්බියාවේ සංචාරයකට සූදානමින් සිටි නමුත් එය අවලංගු කිරීමට සිදුවී ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි.

සර්බියානු සංචාරය අවලංගු කිරීමට සිදුවී ඇත්තේ, යුක්රේනය ආක්‍රමණය කිරීම සම්බන්ධයෙන් යුරෝපා බටහිර රටවල් රුසියාවට පනවා ඇති සම්බාධක සහ ගුවන් තහනම් හේතුවෙනි.

සර්බියාවට යා යුතුව ඇත්තේ, බල්ගේරියාව, උතුරු මැසිඩෝනියාව සහ මොන්ටිනීග්‍රෝ ගුවන් කලාප හරහාය. මෙම රටවල් සියල්ල   යුරෝපා සංගමයට අයත් සාමාජික රටවල් වන අතර, යුරෝපා සංගමය රුසියාවට පනවා ඇති ගුවන් තහනම් හේතුවෙන් රුසියානුවන්ට එම ගුවන් කලාප හරහා පියාසර කළ නොහැකිය.

රුසියාවට එරෙහිව යුරෝපා රටවල් පැනවූ සම්බාධකවලට සර්බියාව සම්බන්ධ නොවූ අතර, සර්බියාව රුසියාවේ මිත්‍ර රටක් ලෙස කටයුතු කරයි. රුසියන් විදේශ ඇමැති සර්ගේ ලැව්රෝව් දෙදින සර්බියානු සංචාරයකට සූදානමින් සිටියේය.

(රොයිටර්)


RECOMMEND POSTS