රුසියන් තුර්කි ජනපති හමුවක්



ද්වී පාර්ශීක සබඳතා ශක්තිමත් කර ගැනීමේ අරමුණින්, රුසියන් ජනාධිපති ව්ලැදිමිර් පුටින් සහ තුර්කි ජනාධිපති රිජෙප් තායිප් එර්දොවාන් අතරේ හමුවක් රුසියාවේ කළු මුහුද ආශ්‍රිත සෝචී නුවර නිවාඩු නිකේතනයකදී පැවැත්විණි.

'කොවිඩ් 19' ආසාදිතයකුගේ සමීපතමයකු වූ බැවින් දින 10 ක් නිරෝධායනය වීමෙන් පසු පුටින් යළි රාජකාරි ආරම්භ කර ඇති අතර, ඔහුගේ පළමු කාර්යය වූයේ තුර්කි ජනපති හමුවීමය.

රාජ්‍ය නායකයන් දෙදෙනා එකිනෙකා මුහුණට මුහුණ හමුවී සාකච්ඡා කළේ මාස 18 කට පසුවය. රුසියාව සහ තුර්කිය අතර ද්වීපාර්ශ්වීක සබඳතා ශක්තිමත් කර ගැනීම පමණක් නොව, සිරියානු අර්බුදය සම්බන්ධයෙන් ද සාකච්ඡා පැවැත්විණි. සාකච්ඡා සඳහා පැය 3 ක් ගත වුණු බව රුසියන් මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.

සිරියානු අර්බුදයේ දී රුසියාව සිරියානු රජයටත් තුර්කිය සිරියානු රජයට විරෝධය දක්වන සිරියානු විපක්ෂ දේපාලන පක්ෂවලටත් සහාය දක්වයි.

(ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS