රුසියන් ජනපති පුටින් චීන ජනපති හමුවෙයි



දෙදින නිල චීන සංචාරයක් ආරම්භ කරමින්, රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් චීනයේ බෙයිජීං අගනුවරට පැමිණියේය. චීන ජනාධිපති ෂී ජින්පින් ප්‍රමුඛ රජයෙන් රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින්ට හිමවූයේ උණුසුම් පිළිගැනීමකි.

රුසියාව යුක්රේනයට එරෙහිව ගෙන යන හමුදාමය ක්‍රියා මාර්ගය හේතුවෙන්, බටහිර සම්බාධක හමුවේ, රුසියාව හුදෙකලා වී සිටී. රුසියන් ජනාධිපති පුටින් අත්අඩංගුවට ගන්නැයි අන්තර් ජාතික වරෙන්තුවක් ද නිකුත් කර ඇත. ඒ ඇමෙරිකාවේ මැදිහත් වීමෙනි.

රුසියන් ජනාධිපතිවරයා චීනයට පැමිණියේ, බටහිර සම්බාධක හමුවේ හුදෙකලා වුණු රුසියාවට චීනයේ සහාය ලබා ගැනීමේ අරමුණින්ය. පසුගිය මාර්තුවේ පැවැති රුසියන් ජනාධිපතිවරණයෙන්, පුටින් විශිෂ්ට ජයක් හිමි කර ගත්තේය. ඒ අනුව, පස් වැනි වරටත් පුටින් රුසියාවේ ජනාධිපති ධුරයට පත් විය. 

රුසියන් ජනාධිපති ජනාධිපති පුටින් සහ චීන ජනාධිපති ෂී ජින්පින් අතරේ සමීප මිත්‍රත්වයක් පවතී. කොන්දේසි විරහිතව, රුසියාවට සහාය පළ කරන බව අවස්ථා ගණනාවකදී චීන ජනාධිපතිවරයා අවධාරණය කර ඇත.


RECOMMEND POSTS