රුසියන් ජනපති ඝාතන තැන වැරදිලා



රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් ඝාතන සැලැස්මක් ව්‍යර්ථ වූ බව ‘යූරෝ වීක්ලි නිවුස්’ පුවත් සේවය පවසයි.

කෙසේ නමුත් රුසියන් ජනාධිපතිවරයා ඝාතන තැත සිදුවූයේ කවදාදැයි යන්න ‘යූරෝ වීක්ලි නිවුස්’ සේවය වාර්තා කර නැත. ‘යූරෝ වීක්ලි නිවුස්’ පුවත් සේවයට අනුව, පුටින් ගමන් කරමින් සිටි ඔහුගේ ලිමෝසීන් මෝටර් රථයට ප්‍රහාරයක් එල්ල වී තිබේ.

ජනාධිපති පුටින්ට හෝ රථයේ රියැදුරුවරයාට හෝ එයින් කිසිදු අනතුරක් සිදු නොවුණු බවත් ආරක්ෂක නිලධාරීන් වහා මැදිහත් වී ජනාධිපති පුටින් ආරක්ෂිත ස්ථානයකට රැගෙන ගිය බවත් වාර්තා වේ.

(රොයිටර්)


RECOMMEND POSTS