රුසියන් ආක්රමණයට දින 100 යි

රුසියන් හමුදා යුක්රේනයට එරෙහිව හමුදා ක්රියාමාර්ගයක් ආරම්භ කර දින 100 ක් ගත වී තිබේ.
මේ වනවිට යුක්රේනයෙන් සියයට 20 ක් රැසියාව විසින් අත්පත්කරගනු ලැබ ඇති බවත්, රුසියන් යුක්රේන යුද ගැටුම් හේතුවෙන් දිනකට යුක්රේන සෙබළුන් 100 දෙනකු පමණ මියයන බවත් යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී පවසයි.
රුසියාව යුක්රේනයට එරෙහිව හමුදාමය ක්රියාමාර්ගයක් අනුගමනය කළේ පසුගිය පෙබරවාරි 24 වැනිදාය. නැගෙනහිර යුක්රේනයේ රුසියාවට මායිම්ව පිහිටා ඇති ඩොන්බාස් පළාතේ නගර මෙසේ රුසියන් හමුදාව විසින් අල්ලා ගනු ලැබ ඇති බව යුක්රේන ජනාධිපති සෙලෙන්ස්කී වැඩිදුරටත් පැහැදිලි කර තිබේ. යුක්රේන ජනාධිපතිවරයා මේ බව පැවැසුවේ ලුක්සෙන්බර්ග් පාර්ලිමේන්තුව වීඩියෝ තාක්ෂණය ඔස්සේ ආමන්ත්රණය කළ අවස්ථාවේදීය.
යුක්රේනයට එරෙහිව රුසියානු හමුදා මෙහෙයුම හේතුවෙන් ගතවුණු දින 100 ක ඇතුළත යුක්රේන සිවිල් වැසියන් 4169ක් මියගොස් ඇති අතර, ඉන් 268ක් කුඩා දරුවන් බව වාර්තා වේ.
ඊට අමතරව, යුක්රේන සිවිල් වැසියන් 4982ක් තුවාල ලබා ඇති බවත් එයින් ද 423ක් කුඩා දරුවන් බවත් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් කාර්යාලය පවසා ඇත.
මේ අතර රුසියානු හමුදා මෙහෙයුම හේතුවෙන් යුක්රේන වැසියන් ලක්ෂ 45 කට වඩා වැඩි පිරිසක් සරණාගතයන් ලෙස වෙනත් රටවලට පැන ගොස් ඇතැයි එක්සත් ජාතීන්ගේ සංවිධානය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.
(රොයිටර්)

