රුවල් නැවක් නිව්යෝක් පාලමේ හැපෙයි



මෙක්සිකෝ නාවික හමුදාවේ රුවල් නෞකාවක් ඇමෙරිකාවේ නිව්යෝක් නුවර බෲක්ලින් පාලමේ ගැටී අනතුරට ලක්විය.

අනතුරින් දෙදෙනකු මියගිය බවත්, 19 දෙනකු තුවාල ලැබූ බවත් වාර්තා වේ. තුවාල ලැබූවන් කීප දෙනකුගේ තත්වය බරපතල යැයි ද පැවැසෙයි.

පාලමේ හැපෙද්දී නෞකාවේ 277 දෙනෙක් සිට ඇත.

මෙක්සිකෝ නාවික හමුදා කැඩෙට් පුහුණුව අවසන් කිරීම නිමිත්තෙන් මෙම නෞකාව නිව්යෝක් පැමිණි බව ද පැවැසෙයි.

නෞකාව මීටර් 91 ක් දිග, මීටර් 12 ක් පළල එකකි.


RECOMMEND POSTS