රැවුල නැතිනම් දඬුවම්
මුහුණ පුරා රැවුල නැති, ආරක්ෂක අංශ සාමාජිකයන් 280 දෙනකුට ෂරියා නීතිය යටතේ දඬුවම් දීමටත් ඔවුන් සේවයෙන් නෙරපා හැරීමටත්, ඇෆ්ගන් තලේබාන් රජය පියවරගෙන ඇත.
තලේබාන්වරුන් යළි ඇෆ්ගනිස්තානයේ බලය අත්පත් කර ගත්තේ 2021 වසරේ දී ඇමෙරිකන් හමුදා එරටින් යෑමෙන් පසුවය.
බලය අත්පත් කර ගැනීමෙන් පසු, ඇෆ්ගනිස්තානයේ පිහිටුවා ඇති තලේබාන් රජය, ඔවුන්ට ආවේණික ෂරියා නීතිය ක්‍රියාවට නැංවීය.
ෂරියා නීතිය යටතේ, පිරිමින් සියලු දෙනා මුහුණ පුරා රැවුල වැවීම කළ යුතු යැයි ඇෆ්ගන් සදාචාරය සුරැකීම වෙනුවෙන් පිහිටුවා ඇති අමත්‍යාංශය නියෝග කර ඇත.
ඒ අනුව, එම නියෝගය පැහැර හැර, රැවුල වැවීමට අපොහොසත් වුණු ආරක්ෂක අංශ සාමාජිකයන් ආරක්ෂක අංශවලින් නෙරපා දැමීමටත්, ඔවුන්ට දැඩි ලබා දීමටත් කටයුතු යෙදුණි.
(ඒ.එෆ්.පී.)