රැජින දිගටම වින්ඩ්සර් මාලිගයේ



'කොවිඩ් 19' ආසාදනය වී සුවය ලැබූ බ්‍රිතාන්‍යයේ දෙවැනි එලිසබත් මහ රැජින දිගටම ඇගේ වින්ඩ්සර් මන්දිරයේ රැඳී සිටිනු ඇති බවත්, ඇය යළි ලන්ඩන් නුවර බකිංහැම් මාලිගයට නොඑන බවත් බ්‍රිතාන්‍ය පුවත් සේවා වාර්තා කර තිබේ.

95 හැවිරිදි මහ රැජින නිවුඩා ගත කරන්නේ වින්ඩ්සර් මන්දිරයේය.

කෙසේ නමුත් 2020 වසරේ දී කොවිඩ් වසංගතය හමුවේ ඇය බකිංහැම් මාලිගයෙන් පිටවී වින්ඩ්සර් මන්දිරයේ පදිංචියට ගියාය.  ඒ 'කොවිඩ් 19' අවධානම හමුවේය.

පසුගිය කාලයේ වින්ඩර් මාලිගයේ සිටියත්, ප්‍රසිද්ධියේ පෙනී සිටිමෙන් වැළැකී සිටියත් ඇයට 'කොවිඩ් 19' ආසාදනය විය. ඒ, පුතු චාල්සු කුමරු සහ ඔහුගේ බිරිද කැමිලා ආදිපාදවරියට වයිරසය ආසාදනය වීමෙන් පසුවය.

බකිංහැම් මාලිගය යනු 1837 වසරේ සිට බ්‍රිතාන්‍ය රාජකීයයන්ගේ නිල නවාතැනය.

(රොයිටර්)


RECOMMEND POSTS