රාහුල්ට සෝනියාට නඩු



මුදල් විශුද්ධිකරණ චෝදනා සම්බන්ධයෙන් ඉන්දියාවේ විපක්ෂ නායක රාහුල් ගාන්ධිටත්, රාහුල් ගාන්ධි නියෝජනය කරන ඉන්දියාවේ ප්‍රධාන විපක්ෂ දේශපාලන කණ්ඩායම වන කොංග්‍රස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නායිකාව මෙන්ම රාහුල් ගාන්ධිගේ මව සෝනියා ගාන්ධිටත්, ‘ඉන්දීය මූල්‍ය වංචා විමර්ශන ඒජන්සිය’ නඩු පවරා ඇත.

මුදල් විශුද්ධිකරණ චෝදනා සම්බන්ධයෙන් රාහුල් සහ සෝනියාට චෝදනා ගොනු කිරීම සහ නඩු පැවරීම සිදු කෙරුණු පළමු අවස්ථාව මෙය යැයි පැවැසෙයි. ඒ අනුව, ලබන අප්‍රේල් 25 වැනිදා රාහුල් සහ සෝනියා ගාන්ධිට එරෙහි එම චෝදනාවලට අදාළ නඩුව කැඳවීමට නියමිත බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

රාහුල් සහ සෝනියාට එරෙහිව නඩු පැවැරීමට ගත් තීරණය ඉන්දීය විපක්ෂ දේශපාලනඥයන්ගේ වැඩි විරෝධයට හේතුවක් වී ඇති බවත්, ඉදිරි දිනවලදී විරෝධතා රැළි සහ උද්ඝෝෂණ පැවැත්වීමට පැවැත්වීමට පියවර ගන්නා බවත් ඉන්දීය මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.


RECOMMEND POSTS