රාහුල් ගාන්ධි අත්අඩංගුවට

කොංග්රස් නායක රාහුල් ගාන්ධි පොලිස් අත්අඩංගුවට පත්ව ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
සමූහ අපයෝජනයකට ලක්වූ කාන්තාවක ඉකුත් දා මරණයට පත්වූවාය. දිල්ලි රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඇය එලෙස මරණයට පත්වූවාය.
එම කාන්තාවගේ පවුලේ සාමාජිකයන් හමු වීම සඳහා කොංග්රස් පක්ෂ නායක රාහුල් ගාන්ධි සහ ප්‍රියංකා ගාන්ධි වද්‍රා දිල්ලියේ සහ උත්තර ප්‍රදේශ් හරහා හත්රාස් වෙත පාගමනින් ගමන් කරමින් සිටියහ.
ඔවුන් සමඟ ඔවුන්ගේ ආධාරකරුවෝ ද මෙම පාගමනට එක්ව සිටියහ.
පොලිස් නිලධාරීන් පැමිණ රාහුල් ගාන්ධි තල්ලු කළ බව ද බැටන් පොලුවලින් පහර දුන් බව ද ඔවුන් ආධාරකරුවන් උපුටා දක්වමින් ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබිණි.

නව කොරෝනා වයිරසය හේතුවෙන් විශාල පිරිසකට රැස්වීම තහනම් යැයි පවසමින් පොලීසිය පාගමෙන් යෙදුණු කොංග්රස් පක්ෂ ආධාරකරුවන් විසුරුවා හැරීමට පොලිසිය උත්සාහ කර ඇති බව ද ඉන්දීය මාධ්‍ය වාර්තාවල දැක්විණි.
පාගමනේ යෙදුණු පිරිසට ඉදිරියට යෑමට නොදීම නිසා රාහුල් ගාන්ධි සිය ආධාරකරුවන් සමඟ මාර්ගයේ වාඩි වී ඇත.
‘‘මේ දැන් පොලිසියට මට බැටන් පොලුවලින් පහර දුන්නා. ඔවුන් මා බිමට තල්ලු කළා. මං අහන්න ඕනෑ. මෝදි ට විතරද මේ රටේ ඇවිදින්න පුළුවන් ? සාමාන්‍ය මනුස්සයෙක්ට ඇවිදින්න බැරිද ? අපේ වාහන නැවැත්තුවා. ඒ නිසා ඇපි ඇවදගෙන යන්න පටන් ගත්තා’’ අත්අඩංගුවට පත්වීමට පෙර රාහුල් ගාන්ධි පැවැසීය.
එන්.ඩී.ටීවී.

