රාජ්ය ලේකම් මැලිසියාවේ සංචාරයක

ඇමෙරිකා රාජ්ය ලේකම් ලෙස පළමු මැලේසියා සංචාරය ආරම්භ කරමින්, ඇමෙරිකා රාජ්ය ලේකම් මයික් පොම්පේඕ ක්වාලාලාම්පූර් නුවර බලා පැමිණියේය.
මැලේසියා අගමැති 92 හැවිරිදි මහතීර් මොහොමද්ගෙන් රාජ්ය ලේකම් මයික් පොම්පේඕට උණුසුම් පිළිගැනීමක් හිමිවිය. ද්වී පාර්ශ්වීක සබඳතා තර කර ගැනීම සම්බන්ධයෙන් දෙදෙනා අතර සාකච්ඡා පැවැත්විණි.
දකුණු චීන මුහුදේ චීනයේ බලපෑම් සම්බන්ධයෙන් ද මැලේසියා අගමැති සමඟ ඇමෙරිකා රාජ්ය ලේකම්වරයා සාකච්ඡා පැවැත්වූ බව ද වාර්තා වේ. ආසියාන් සමුළුවේ විදේශ ඇමැතිවරුන්ගේ සමුළුව සිංගප්පූරුවේදී පැවැත්වීමට නියමිත අතර, මයික් පොම්පේඕ ද ඊට සහභාගී වෙයි. පොම්පේඕ මැලේසියාවට පැමිණියේ සිංගප්පූරුව බලා යද්දීය.
(රොයිටර්)

