රහස් හෙළි කළේ සී.අයි.ඒ. නිලධාරියෙක්



ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් සහ යුක්රේන ජනාධිපති ව්ලොදමීර් සෙලෙන්ස්කි අතරේ පැවැත්වුණු ආන්දෝලනාත්මක දුරකතන සන්වාදය පිළිබඳ තොරතුරු අනාවරණය කර ඇත්තේ ඇමෙරිකා සී.අයි.ඒ. බුද්ධි අංශ නිලධාරියකු යැයි ඇමෙරිකන් පුවත් සේවා වාර්තා කරයි.

නිව්යෝක් ටයිම්ස් පුවත්පත අනාවරණය කර ඇති අන්දමට මෙම නිලධාරියා ධවල මන්දිරයට අනුයුක්තව සේවය කළ අයෙකි.

ඇමෙරිකා ජනාධිපති ට්‍රම්ප් සහ යුක්රේන ජනාධිපති සෙලෙන්ස්කි අතරේ පැවැති එම දුරකතන කතාබහ රහසක් ලෙස තබා ගැනීමට ධවල මන්දිර ජ්‍යෙෂ්ඨ සාමාජිකයන් උත්සාහ ගත් බව ද මෙම බුද්ධි නිලධාරියා පවසා ඇතැයි ද නිව්යෝක් ටයිම්ස් වාර්තා කරයි.

(බී.බී.සී.)


RECOMMEND POSTS