රහස් හෙළි කළ පැන්ඩෝරා හෙළිදරව්ව



ලෝක නායකයන්, දේශපාලකයන්, ප්‍රකෝටිපතියන් ඇතුළු ලොව ප්‍රබලයන්ගේ අයථා මුදල් රැස් කිරීම්, බදු පැහැර හැරීම්, මුදල් විශුද්ධිකරණ කටයුතු ඇතුළු රහාස්‍ය ධනය සහ රහස් මූල්‍ය ගනුදෙනු ආදිය මේ වනවිට ලොවට අනාවරණය වීම ආරම්භ වී ඇත. මෙම අනාවරණය නම් කර ඇත්තේ 'පැන්ඩෝරා පේපර්ස්' (පැන්ඩෝරා පත්‍රිකා) යන නමිනි.

මෙම අනාවරණය සිදු කර ඇත්තේ විමර්ශන මාධ්‍යවේදීන්ගේ ජාත්‍යන්තර සම්මේලනයයි. වසර 7 ක් තිස්සේ රැස් කර ගත් ලිපි ලේඛන ආදිය පාදක කර ගනිමින් මෙම අනාවරණය සිදු කර තිබේ.

ගවේෂණාත්මක මධ්‍යවේදීන් 650 කට වැඩි පිරිසක් සහ ලොව ප්‍රධාන පෙළේ මාධ්‍ය ආයතන රැසක් මෙම අනාවරණයට සම්බන්ධ වී සිටී. ගෝලීය මූල්‍යායතන 14කින් ලබාගත් ලිපිලේඛන මිලියන 11.9ක් පදනම් කරගෙන පැන්ඩෝරා පෙපර්ස් සකස් කර තිබේ. 'පැන්ඩෝරා පෙප්ර්ස්' අනාවරණයට ඇතුළත් වන හිටපු රාජ්‍ය නායකයන් ගණන 35 ක් පමණය. විවිධ රටවල රාජ්‍ය නිලධාරීන් ගණන 300 ඉක්මවා ඇත. ඊට අමතරව, අතිශය ජනප්‍රිය නළු නිළියන්, ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඇතුළු ප්‍රකට පුද්ගලයන් බොහෝ දෙනකුගේ නම් ද 'පැන්ඩෝරා පේපර්ස්' හරහා අනාවරණය වි ඇත.

ජෝර්දානයේ අබ්දුල්ලා රජු, බ්‍රිතාන්‍යයේ හිටපු අග්‍රාමාත්‍ය ටෝනි බ්ලෙයාර් සහ ඔහුගේ බිරිඳ, රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින්, චෙක් අග්‍රාමාත්‍ය ඇන්රේච් බබීස්, කෙන්යා ජනාධිපති උහුරු කෙන්යාටා පිළිබඳ අනාවරණ සිදු වී ඇත. පැන්ඩෝරා පේපර්ස් මගින් අනාවරණ කෙරුණු ලැයිස්තුවේ ඉහළින්ම සඳහන් වන්නේ ජෝර්දානයේ දෙවැනි අබ්දුල්ලා රජුගේ නමය. දෙවැනි අබ්දුල්ලා රජු, බ්‍රිතාන්‍ය සහ අමෙරිකා එක්සත් ජනපදයේ දේපළ පවුම් මිලියන 70ක් රහසිගතව රැස් කර තිබේ.  බ්‍රිතාන්‍ය හිටපු අග්‍රාමාත්‍ය ටෝනි බ්ලෙයාර් සහ බිරිඳ ලන්ඩනයේ කාර්යාලයක් මිලදී ගැනීමේදී මුද්දර ගාස්තු වශයෙන් පවුම් තුන් ලක්ෂ 12,000 ක් ඉතිරි කළ ආකාරය පිළිබඳ විස්තර ද පැන්ඩෝරා පේපර්ස් අනාවරණය කර තිබේ. 

රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින්ට අයත් මොනාකෝ රාජ්‍යයේ රහසිගත දේපළ ඇති බව අනාවරණය වී තිබේ. ඊට අමතරව, පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ගේ කැබිනට් ඇමතිවරුන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් සතු රහසිගත සමාගම් සහ ඩොලර් මිලියන ගණනක මුදල් පිළිබඳවත් විස්තර ද 'පැන්ඩෝරා පේපර්ස්' හරහා ප්‍රසිද්ධියට පත් වී අවසන්ය. ඉන්දීය සුපිරි ක්‍රිකට් ක්‍රීඩක සචින් තෙන්ඩුල්කාර්, සුපිරි පොප් ගායිකා ශකීරා, ප්‍රකට ඉන්දීය ව්‍යාපාරික අනිල් අම්බානි සතු රහසිගත විදේශීය වත්කම් ද 'පැන්ඩෝරා පේපර්ස්' හරහා ලොවට අනාවරණය වී ඇත.

(බීබීසී)


RECOMMEND POSTS