රසායන විද්‍යා නොබෙල් තෑග්ග

රසායන විද්‍යාව වෙනුවෙන් පිරිනැමෙන නොබෙල් ත්‍යාගය ‘ලිතියම් බැටරිය සංවර්ධනය’ කිරීම වෙනුවෙන් විද්‍යාඥයන් තිදෙනකුට හිමිවන විද්‍යා පිළිබඳ ස්වීඩන රාජකීය ඇකඩමිය නිවේදනය කළේය.
ජෝන් බී ගුඩෙනෝ, එම්. ස්ටැන්ලි විටින්හම් සහ අකිරා යෝෂීනෝ තිදෙනා එලෙස රසායන විද්‍යාව වෙනුවෙන් පිරිනැමෙන නොබෙල් ත්‍යාගයෙන් පිදුම් ලැබූහ.
නැවත ආරෝපණය කළ හැකි උපාංග සහ ජංගම විද්‍යුත් උපකරණවලට අදාළව ලිතියම් බැටරි සංවර්ධනය කිරීම වෙනුවෙන් ඔවුහු එලෙස රසායන විද්‍යාව වෙනුවෙන් පිරිනැමෙන නොබෙල් ත්‍යාගයෙන් පිදුම් ලැබූහ.
මහාචාර්ය ජෝන් බී ගුඩෙනෝ ඉතිහාසයේ වයස්ගතම නොබෙල් ත්‍යාගලාභියා බවට ද පත්විය. මේ වනවිට ඔහුගේ වයස අවුරුදු 97කි.
ඔවුන් අතර බෙදී යන ත්‍යාග මුදල ස්වීඩන ක්‍රෝනර් මිලියන නවයකි (යූරෝ 738,000කි).
හර්ෂණ තුෂාර

