රටවල් රැසකින් ඇමෙරිකාවට පැසැසුම්

මුළු ලොවටම තර්ජනයක් වූ අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානයේ නායක අබු බකර් අල් බැග්ඩෑඩි මරා දැමීම සම්බන්ධයෙන්, ඇමෙරිකාවට ලොව නන්දෙසින් සුබ පැතුම් ලැබී ඇතැයි විදෙස් පුවත් සේවා පෙන්වා දෙයි.
අල් බැග්ඩෑඩි ඝානය කිරීමට ඇමෙරිකන් හමුදා සමත් වීම, ත්රස්තවාදයට එරෙහි සටනේදී ලැබූ විශිෂ්ට ජයග්‍රහණයක් බව ලෝක නායකයන් පවසා ඇත.
ඇමෙරිකන් හමුදා අල් බැග්ඩෑඩි මරා දැමීම කළේ වයඹදිග සිරියාව් ඉඞ්ලිබ් පළාතේ බරීෂා නමැති ගම්මානයේ ගොඩනැගිල්ලක සිටි අවස්ථාවේදීය. එම වැටළීමේ මෙහෙයුම සිදුවූයේ පසුගිය 26 වැනිදා රාත්‍රියේය.
ගොඩනැගිල්ල වට කර පහර දෙද්දී, උමං මාර්ගකට කොටුවුණු බැග්ඩෑඩි සිය බෝම්බ කබාය පුපුරුවාගෙන මියගියේය.
ඇමෙරිකන් හමුදා බරීෂා ගම්මානයට පැමිණ ඇත්තේ, හෙලිකොප්ටර් අටකිනි. සිරියානු අර්බුදයට සම්බන්ධ රුසියාව, තුර්කිය පමණක් නොව සිරියානු රජයේ හමුදා එම හෙලිකොප්ටර් යානාවලට බාධාවක් නොවුණු බව ඇමෙරිකන් ජනපති ට්‍රම්ප් ධවල මන්දිරයේ පැවැත්වුණු මාධ්‍ය හමුවේදී පැහැදිලි කළේය. සිරියානු අර්බුදයේ දී විවිධ මත දරණ තුර්කියේත්, රුසියාවේත්, සිරියානු රජයේත් පොදු සතුරා වන්නේ අයි.එස්. ත්‍රස්ත සංවිධානය වීම ඊට හේතුවය.
‘අයි.එස්. නායක අබු බකර් අල් බැග්ඩෑඩි ඝාතතය ත්රස්තවාදයට එරෙහිව අප ගෙනගිය සටනේ සන්ධිස්ථානයක්’ යැයි තුර්කි ජනාධිපති රිජෙප් තායිප් එර්දොවාන් ට්විටර් පණිවුඩයකින් පැවැසීය. ත්රස්තවාදයට එරෙහිව ඇමෙරිකාව ගෙන යන සටනට තුර්කිය දිගටම සහාය ලබා දෙන බව ද තුර්කි ජනාධිපතිවරයාගේ ට්විටර් පණිවුඩයේ වැඩිදුරටත් සඳහන් වී තිබේ.
සිරියානු අර්බුදයේ දී තුර්කිය, අයි.එස්. ත්රස්තයන්ට එරෙහිව සටන් වැදුණේ සිරියානු රජයට එරෙහි විපක්ෂ දේශපාලන ක්‍රියාකාරීන්ගේ සන්නද්ධ අංශයට සහාය වෙමිනි. ඇමෙරිකාවේ සහාය හිමිවූයේ කුර්දි වැසියන් නියෝජනය කරන කුර්දි සටන්කාමීන්ටය.
සිරියානු ප්රජාතන්ත්රවාදී බළකාය නමැති සන්නද්ධ අංශයට නායකත්වය දෙන්නේ කුර්දි සටන්කාමීන්ය. අයි.එස්. ත්රස්තවාදීන් අඩපණ කිරීමෙන් පසු ඇමෙරිකාව, කුර්දි සටන්කාමීන්ගේ සහායට සිටි ඇමෙරිකන් සොල්දාදුවන් ඉවත් කිරීම ඇරැඹීය.
මෙම අවස්ථාවේදී, තුර්කිය කුර්දිවරුන් ඉලක්ක කර ගනිමින් පහර දුන්නේය. කුර්දි සටන්කාමීන්, බෙදුම්වාදී ත්රස්තවාදීන් ලෙස තුර්කිය සලකයි. කුර්දිවරුන් වාසය කරන්නේ තුර්කි සිරියා දේශසීමාවේ, සිරියාවේ උතුරුදිග පළාත්වලය. දෙපාර්ශ්වය අතර දේශසීමා ගැටුම් පවතින්නේ වසර ගණනාවක පටන්ය.
පසුගිය දිනවල තුර්කිය කුර්දිවරුන් ඉලක්ක කර ගනිමින් දිගට හරහට පහර දුන් නමුත්, ඇමෙරිකන් ජනාධිපති, කුර්දිවරුන් සහ තුර්කිය අතර සටන් විරාමයක් ආරම්භ කිරීමට මැදිහත් විය.
ඇමෙරිකා හමුදා වයඹදිග සිරියාවේ ඉඞ්ලිබ් පළාතේ, බරීෂා ගම්මානයේ ගොඩනැගිල්ලක සැඟවී සිටි අල් බැග්ඩෑඩි වට කර පහර දුන්නේ මෙවැනි වාතාවරණයක් යටතේය. එම වැටලීමේ මෙහෙයුමට සිරියානු ප්රජාතන්ත්රවාදී බළකායේ සහාය හිමිවුණු බව ද ඇමෙරිකන් ආරක්ෂක අංශ පවසා ඇත.
කුර්දිවරුන්ගේ නායකත්වය යටතේ මෙහෙයුම් සිදු කරන සිරියානු ප්රජාතන්ත්රවාදී බළකායේ අණ දෙන නිලධාරී, මස්ලෝම් අබ්දි ට්විටර් පණිවුඩයකින් පවසා ඇත්තේ, ඇමෙරිකාවට අල් බැග්ඩෑඩි සොයා ගැනීමට බුද්ධි තොරතුරු ලබා දීම තම සටන්කාමීන් විසින් කරනු ලැබූ බවය. මස්ලෝම් අබ්දි ත්‍රස්තවාදියකු ලෙස තුර්කිය සලකයි.
රුසියාව වෙනුවෙන් රුසියානු ආරක්ෂක අමත්‍යාංශය ප්‍රකාශයක් කළේ, ඇමෙරිකාව සිදු කළ මෙහෙයුම සම්බන්ධයෙන් තමන් කිසිවක් දැන නොසිටි බවය. ඉඞ්ලිබ් පළාත කේන්ද්‍රකොට ගනිමින් අයි.එස්. ත්රස්තවාදීන් යළි නැගී සිටීමට සූදානම් වූ බවට තමන්ට දැනගන්න ලැබී තිබුණැයි ද රුසියා ආරක්ෂක අමත්‍යාංශය වෙනුවෙන් මේජර් ජනරාල් ඊගෝල් කොනෙෂෙන්කෝ පවසා ඇත.
ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙදන්යාහු ඇමෙරිකා සොල්දාදුවන්ටත්, ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප්ටත් සුබ පතා ඇත. එය ත්රස්තවාදයට එරෙහිසටනේදී ලැබූ සුවිශේෂී ජය්‍රහණයක් යැයි ඊශ්‍රායල අගමැති නෙදන්යාහු නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.
බහරේන විදේශ ඇමැති කලීඞ් බින් අහ්මද් අල් කලීෆා ඇමෙරිකාවට සුබ පතමින් පවසා ඇත්තේ ද ට්විටර් පණිවුඩයක් නිකුත් කරමිනි. ‘අබු බකර් අල් බැග්ඩෑඩි නමැති අපරාධකරු මරා දැමීම, අයි.එස්. ත්‍රස්ත ජාලයට මරු පහරක්. අල් බැග්ඩෑඩි සොයා ගැනීමට සම්බන්ධ වුණු අපේ සහෝදරවරුන්ට සහ ඒ වෙනුවෙන් ඔවුන් කළ මෙහෙවර වෙනුවෙන් මම සුබ පතමි’ යැයි බහරේන් විදේශ ඇමැතිවරයාගේ ට්විටර් පණිවුඩයේ වැඩි දුරටත් සඳහන් වී ඇත.
ප්‍රංශ ආරක්ෂක අමාත්‍යවරිය ෆ්ලොරෙන්ස් පාර්ලි ඇමෙරිකාවට සුබ පැතුවාය. අල් බැග්ඩෑඩි මරා දැමුවත්, තවමත් ක්‍රියාත්මක අයි.එස්. සංවිධානයට එරෙහිව ප්‍රංශය දිගටම සටන් කරන බව ප්‍රංශ ආරක්ෂක අමාත්‍යවරිය පෙන්වා දී ඇත.
බ්‍රිතාන්‍ය අගමැති බොරිස් ජොන්සන් ට්විටර් පණිවුඩයකින් කියා සිටියේ අල් බැග්ඩෑඩි ඝාතනය ත්රස්තවාදයට එරෙහි සටනේ දී ලැබූ විශිෂ්ට ජයක් බවය. කෙසේ නමුත් අල් බැග්ඩෑඩි ඝාතනයෙන් පමණක් අයි.එස්. ත්‍රස්ත සංවිධානය අවසන් නොවනු ඇති බව බි්රතාන්ය අගමැතිවරයා පැහැදිලි කර ඇතැයි විදෙස් පුවත් සේවා පෙන්වා දෙයි.
වොෂින්ටනයේදීය (ඒ.එෆ්.පී.)

