යෝධ ග්‍රහකයක් පෘථිවිය දෙසට එනවා



මීටර් 220 ක විශ්කම්බයක් ඇති, ක්‍රීඩා පිටියක් තරම් විශාල යෝධ ග්‍රහකයක්, ලබන 24 වැනිදා පෘථිවිය අසලින් ගමන් කිරීමට නියමිත බවත්, එම ග්‍රහකයේ ගමන් මඟ දශමයකින් හෝ වෙනස් වුවහොත් එය පෘථිවියේ ගැටී මහා විනාශයක් සිදු කරනු ඇති බවත් ඇමෙරිකාවේ නාසා ආයතනය බිය පළ කරයි.

2008 වසරේ දී තාරකා විද්‍යාඥයන් විසින් හඳුනා ගනු ලැබූ මෙම ග්‍රහකය නම් කර ඇත්තේ '2008 ගෝ20' යනුවෙනි. මෙම ග්‍රහකය ලබන සති අන්තයේ පෘථිවිය අසලින් ගමන් කරනු ඇත්තේ පැයට සැතපුම් 18,000 ක වේගයකිනි.

තාරකා විද්‍යාඥයන් ග්‍රහක ලෙස හඳුන්වන්නේ, සෞරග්‍රහ මණ්ඩලය නිර්මාණය වෙද්දී, සිදුවුණු හැල හැප්පීම් නිසා කැබලි වුණු කොටස්ය. මේවා ද හිරු වටා යයි.

(සී.එන්.එන්.)


RECOMMEND POSTS