යේමනයේදී තුවක්කුකරුවෝ ඇමෙරිකානු ගුරුවරයකු පැහැර ගනිති.



Yemen

තුවක්කුකරුවන් පිරිසක් යේමනයේ අගනුවර සානාහි ඉංග්‍රිසි භාෂා පාසලකට ඇතුළුවී ගුරුවරයකු පැහැරගෙන ගිය බව රොයිටර් ප්‍රවෘත්ති සේවය පවසයි. මෙය යුද ගිනි ඇවිලෙන යේමනයේ විදේශිකයන් පැහැරගෙන යාමේ තවත් අවස්ථාවකි.

සිවිල් ඇඳුමෙන් සැරසුනු තුවක්කුකරැවෝ විදුහලට බලෙන් ඇතුළුවී අනෙක් ගුරුවරුන් සහ සිසුන් බලා සිටියදිම ගුරුවරයාට ඔවුන්ගේ මෝටර් රරථයට නගින ලෙස බල කර ඇත.

තුවක්කුකරුවන් පාසලට ඇතුළු වෙද්දී අපි කම්පනයට පත්වුණා. ඔවුන් කෙළින්ම ඔහුගේ කාර්යාලයට ගොස් ඔහුව ගෙන ගියා. කොහෙටදැයි දන්නෙ නැහැ. විදුහගේ ගුරුවරයෙක් පැවසීය.මේ පිළිබඳව කිසිවක් කියන්නට ප්‍රාෙද්ශීය ආරක්ෂක නිලධාරීහු මැළි වුහ.

යේමනයේ රඳවාගෙන සිටින ඇමෙරිකානු පුරවැසියන් පගැන අපි දන්නවා. එහෙත් පුද්ගලිකත්වය සළකා බලා අපට ඒ ගැන විස්තර කියන්නට බැහැ‘ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ප්‍රකාශිකාවක් රොයටර් පුවත් සේවයට පැවසුවාය.

(ගල්ෆ ටයිම්ස් ඇසුරෙනි)


RECOMMEND POSTS