යේමනයේ නාඳුනන තුවක්කුකරුට තවත් බිල්ලක්



නාඳුනන තුවක්කුකරුවකුගේ වෙඩි පහරකින්  යේමනයේ ජ්‍යෙෂ්ඨ ආරක්ෂක නිලධාරියකු මිය ගියේ යයි යේමනයේ ආරක්ෂක බලධාරිහු පවසති. නාඳුනන තුවක්කුකරුවා සන්නද්ධ සටන්කරුවෙක් යයි ඔවුහු සැක කරති.

මෙසේ වෙඩ පහරකින් මිය ගොස් ඇත්තේ යේමනයේ බුරාකා  දිස්ත්‍රික්කයේ බුද්ධි අංශ ප්‍රධානිය වූ කර්නල් අලි අව්වාද්ය.  කර්නල්වරයාට වෙඩි තබා ඇත්තේ ඔහු සිකුරාදා නිවෙසින් පිටව යද්දීය. මෙම ඝාතනය සිදුවී ඇත්තේ ඒඩන් ගුවන් තොටුපලේදී බුද්ධි අංශ නිලධාරියකුට වෙඩි තබා ඝාතනය කර පැය 24කටත් අඩු  කාලයකදීය.

යේමනයේ අයි.එස් ත්‍රස්තවාදින් මෙම ඝාතනයේ වගකීම බාරගෙන ඇතැයි වාර්තා වෙයි.


RECOMMEND POSTS