යුරෝපා සංගමය එක්ක සාකච්ඡාවට ට්‍රම්ප් සූදානම්



යුරෝපා සංගමයෙන්, ඇමරිකාවට ආනයනය කරන භාණ්ඩ සදහා පැනැවීමට සූදානම් වූ සියයට 50 ක තීරු බද්ද සම්බන්ධයෙන්, යුරෝපා සංගමය සමඟ සාකච්ඡා පැවැත්වීමට තමන් එකඟ වූ බවත්, යුරෝපා සංගමය සමඟ වෙළෙඳ ගිවිසුම් ඇති කර ගැනීමේ අවසාන දිනය එලැඹෙන ජූලි 9 වැනිදාට කල් දැමූ බවත් ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.

යුරෝපා කොමිසමේ සභාපතිනි, උර්සුලා වොන් ඩර් ලින් ඇමෙරිකන් ට්‍රම්ප්ගේ තීරු බදු සම්බන්ධයෙන්, ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සමඟ දීර්ඝ වශයෙන් සාකච්ඡා පැවැත්වූ බවත්, එම සාකච්ඡාවල ප්‍රතිඵලයක් ලෙස, ජූලි 9 වැනිදා තෙක් කල් ලබා ගැනීමට හැකිවුණු බවත් උර්සුලා වොන් ඩර් ලින් පැහැදිලි කර ඇත.

යුරෝපා සංගමයෙන් ආනයනික භාණ්ඩ සඳහා සියයට 50 ත තීරු බදු පැනවීමටත්, එලැඹෙන එම තීරු බදු පැනවීම ජූනි පළමු වැනිදා සිට එම තීරු බදු ක්‍රියාත්මක කිරීමටත් නියමිතව තිබුණි. යුරෝපා කොමිසමේ සභාපතිනි, උර්සුලා වොන් ඩර් ලින් සහ ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අතර සාකච්ඡා ආරම්භ වූයේ එවැනි පසුබිමකය.

(ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS