යුරෝපා මැතිවරණය: අන්ත දක්ෂිණාංශික පක්ෂ ජය ගනී



යුරෝපා සංගම් පාර්ලිමේන්තු මැතිවරණයෙන් අන්ත දක්ෂිණාංශික දේශපාලන කණ්ඩායම් ජයග්‍රහණය කළේය. 

යුරෝපා සංගමය යනු යුරෝපා සංගමයට අයත් රටවල් 27 ක එකමුතුවයි. යුරෝපා සංගම් පාර්ලිමේන්තුව ආසන 705 කින් සමන්විත වන අතර, එම ආසන නියෝජනය කරන්නේ එම රටවල දේශපාලනඥයන්ය.

යුරෝපා පාර්ලිමේන්තු මැතිවරණය ආරම්භ වූයේ පසුගිය 6 වැනිදාය. එය ඊයේ (9) අවසන් වූ අතර, එසැණින් ප්‍රතිඵල නිකුත් කිරීම ආරම්භ විය. මැතිවරණ ප්‍රතිඵල අනුව, ප්‍රංශ ජනාධිපති මැක්රොන්, ජර්මන් චාන්සලර් ඕලාෆ්, ඔස්ටි්‍රයානු චාන්සලර් කාර්ල් නෙහැමර් නියෝජනය කරව දේශපාලන පක්ෂ පරාජයට පත් විය.

යුරෝපා පාර්ලිමේන්තුවේ වැඩි ඡන්ද දිනා ගැනීමට මැක්රොන්ගේ ප්‍රතිවාදීන් වන මරී ල පෙන් සහජෝර්ඩන් බර්ඩෙලා නියෝජනය කරන අත්න දක්ෂිණාංශික පක්ෂ සමත් විය. මැක්රොන් මධ්‍යස්ථමතධාරියෙකි.

යුරෝපා පාර්ලිමේන්තු ඡන්දයෙන් ලැබූ පරාජයත් සමඟ ප්‍රංශ ජනාධිපති මැක්රොන් මාධ්‍ය හමුවක් කැඳවින් ජාතිය ඇමැතුවේය. මැක්රොන් කියා සිටියේ, පාර්ලිමේන්තුව විසුරුවා කඩිනමින් මහ මැතිවරණයක් පවත්වන බවය.

ඒ අනුව, ප්‍රංශ පාර්ලිමේන්තුව හෙවත් ජාතික මන්ත්‍රණ සභාව විසුරුවා හැරුණු අතර, ජාතික මන්ත්‍රණ සභාව සඳහා නියෝජිතයන් තෝරා ගැනීමේ මැතිවරණයේ පළමු වටය මෙම ජූනි 30 වැනිදාත්, දෙවැනි වටය ජූලි 7 වැනිදාත් පැවැත් වීමට නියමිතය. මැතිවරණය පැවැත්වෙන්නේ ප්‍රංශයේ පැරිස් අගනුව ඔලිම්පික් උළෙලට පෙරය.


RECOMMEND POSTS