යුද්ධය නවත්වන්න පුටින්ගෙන් කොන්දේසි



යුක්රේනය රුසියාවට යටත් වී, රුසියාව විසින් අත්පත් කරගෙන සිටින යුක්රේනයේ නැගෙනහිර පළාත් හතරක බලය සම්පූර්ණයෙන් රුසියාවට ලබා දී, ‘නේටෝ’ සාමාජිකයකු වීමේ සිතුවිල්ල ද සම්පූර්ණයෙන් බැහැර කරන්නේ නම් පමණක් යුක්රේනයට එරෙහිව ගත් හමුදාමය ක්‍රියා මාර්ගය අවසන් කරන බව රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් පවසා ඇත.

රටවල් 90 ක සහ ලෝක සංවිධාන රැසක එකමුතුවෙන් ස්විට්සර්ලන්තයේ රුසියන් යුක්රේන යුද්ධය අවසන් කර සාමය ස්ථාපිත කිරීම සඳහා විශේෂ සාම සමුළුවක් ස්ථාපිත කළ අතර, එම සමුළුවට රුසියන් ජනාධිපති පුටින් මේ බව දැනුම් දී ඇත.

එම ජාත්‍යන්තර සාම සමුළුවට යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී සහභාගී වූ නමුත්, රුසියානු නියෝජිතයන්ට ඇරැයුම් කර නොතිබුණු බව පැවැසෙයි. සාම සමුළුවට එක් වුණු යුරෝපා බටහිර රටවල් සියල්ල, සාමය වෙනුවෙන්, රුසියන් ජනාධිපති පුටින් ඉදිරිපත් කළ කොන්දේසි ප්‍රතික්ෂේප කළ බව ද පැවැසෙයි.

(ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS