යුද්ධය අස්සේ රුසියාව උඩු ගුවනට රොකට් යවලා



ඇමෙරිකා-ඊශ්‍රායල-ඉරාන යුද ගැටුම මැද රුසියාව රොකට්ටුවක් අත්හදා බැලුවේය. ඒ, රුසියාවට අයත් කසක්ස්තානයේ පිහිටි බයිකොනූර් අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ සිටය.

රුසියාව ඔවුන්ගේ අභ්‍යවකාශ ගමන් බිමන් සිදු කරන්නේ, බයිකොනූර් අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ සිටය. කෙසේ නමුත් පසුගියදා මෙම අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ වේදිකාවට හානි සිදුවිය. ඒ තාක්ෂණික දෝෂයක් නිසා සිදුවුණු අනතුරක් හේතුවෙනි.

බයිකොනූර් අභ්‍යවකාශ මධ්‍යස්ථානය මේවනවිට යථා තත්ත්වයට පත් කර ඇති අතර, ඉන් අනතුරුව සිදුකළ පළමු රොකට් ගුවන්ගත කිරීම මෙය යැයි පැවැසෙයි.


RECOMMEND POSTS