යුද නැව් එවන්නැයි ඉල්ලයි
ක්‍රිමියා පළාත අත්පත් කරගෙන සිටින රුසියාවෙන් එල්ල වන තර්ජනවලට මුහුණ දීමට, අසෝව් මුහුදට යුද නැව් එවන්නැයි යුක්රේනයේ ජනාධිපති පෙට්රෝ පොරෂෙන්කෝ උතුරු අත්ලාන්තික් ගිවිසුම් සංවිධානය හෙවත් නේටෝවෙන් ඉල්ලීමක් කර ඇත.
පෙට්රෝ පොරෂෙන්කෝ යුරෝපා රටවල් සහ ඇමෙරිකා හිතවාදී නායකයෙකි. රුසියාව දිගින් දිගටම යුක්රේනයට ‘චණ්ඩිකම්’ පෙන්වන බවත්, ඊට මුහුණදීමට යුද නැව් අවශ්‍ය බවත් යුක්රේන ජනාධිපතිවරයා පෙන්වා දී ඇත.
(රොයිටර්ස්)

