යුද නැව් ඕනෑ නෑ



අසල්වැසි දකුණු චීන මුහුදට යුද නැව් අවශ්‍ය නැති බවත්, දකුණු චීන මුහුදේ යුද නැව් රැඳවීම අර්බුද රැසකට හේතුවක් වනු ඇති බවත් මැලේසියානු අගමැති මහතීර් මොහොමද් අවධාරණය කරයි.

මැලේසියා අගමැතිවරයා මේ බව කියා සිටියේ බී.බී.සී. පුවත් සේවය සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක් වෙමිනි. අද වනවිට දකුණු චීන මුහුදට අසල්වැසි කලාපීය රටවල් හයක් අයිතිවාසිකම් කියයි. ඒ අතරින් ප‍්‍රධාන රාජ්‍යය චීනයයි.

‘දකුණු චීන මුහුදේ කිසිදු බාධාවකින් තොරව කැමැති  ඕනෑ තැනකට යන්න චීනයට අවසර තිබෙනවා. දකුණු චීන මුහුද චීනයට අයත් මුහුදු කලාපයක්. ඒත් අද මලක්කා සමුද්‍ර සන්ධිය හරහා වෙනත් රටවල යුද නැව් චීන මුහුදට පැමිණෙනවා. ඒක හොඳ දෙයක් නොවෙයි. යුද නැව් ඇති විට යුද උණුසුමක් නිර්මාණය වෙනවා. රටරටවල් අතරේ අර්බුද හටගන්නවා. සාමයට එය බාධාවක් වෙනවා’ යැයි මැලේසියා අගමැතිවරයා පෙන්වා දී තිබේ.

(ඒ.එෆ්.පී.)

 


RECOMMEND POSTS