යුද අපරාධ නොකළ බවට සහතිකයක් !



ශ්‍රී ලංකාව යුද අපරාධ සිදු කිරීම සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානයට ඉදිරිපත් වී ඇති සංඛ්‍යා ලේඛන නිවැරදි නොවන බව බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී නේස්බි සාමිවරයා මහතා පවසයි.

දරුස්මාන් වාර්තාව පදනම් කර ගනිමින් එල්ල කරන ලද චෝදනා අසත්‍ය ඒවා බවත්, දරුස්මාන් වාර්තාව තුළ යුද සමයේ අවසන් සතියේ සිවිල් වැසියන් 40000 ක් පමණ මරා දැමූ බවට චෝදනා එල්ල කළද එය සත්‍ය වශයෙන්ම 7000 ක් පමණ බව ඔහු අවධාරණය කර සිටියි.

ශ්‍රී ලංකාව  ඉතා පැරණි මිතුරෙකු බවත්, යුද්ධයේ අවසන් සති කිහිපය තුළ මියගිය සංඛ්‍යාව ආසන්න වශයෙන් 7000 ක් පමණ වන බව ඔහු අවධාරණය කර සිටියේය.

තිස් වසරක කුරිරු යුද්ධය 2009 වර්ෂයේදී ප්‍රභාකරන්ගේ මරණයත් සමඟ අවසන් වූ බවත්,කෙසේ වෙතත් යුද්ධයෙන් පසු එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලය සහ අනෙකුත් ජාත්‍යන්තර ආයතන රැසක් ශ්‍රී ලංකාවට දැඩි ලෙස බල කිරීම් හමුවේ  යුද්ධයේ අවසාන අදියරේදී යුද අපරාධ සිදු වූ බවට ශ්‍රී ලංකාව පිළිගෙන ඇති අතර ඒ අතරට උතුරේ සිවිල් වැසියන් 40,000 ක් ඝාතනය කිරීමද ඇතුළත් වන බව ඔහු පවසා තිබේ.

(තිළිණි ද සිල්වා )


RECOMMEND POSTS