යුක්රේනයෙන් ඇරැයුමක්

රුසියන් හමුදා සමඟ සටන් වැදීමට 'ජාත්‍යන්තර බලඇණියක්' ස්ථාපිත කරන බව යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී පවසා තිබේ.
ස්වේච්ඡාවෙන් මෙම බළකායට එක් විය හැකි යැයි ඔහු අසල්වැසි රටවලට දන්වා ඇත.
රාජ්‍ය තාන්ත්‍රික ක්‍රියාපටිපාටි අනුව ඔවුන්ට යුක්රේනයට පැමිණීමට අවසර ලබා දෙන බව ද යුක්රේන ජනාධිපතිවරයා පැහැදිලි කර තිබේ. ජනාධිපති සෙලෙස්කී මෙසේ පවසා ඇත්තේ නිල ට්විටර් පණිවුඩයක් මගිනි.
රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින්, හිට්ලර්ට සමාන බවත්, හිට්ලර් පරාජය කළ ආකාරයට තමන් පුටින්ගේ හමුදාව පරාජව කරන බවත් යුක්රේන ජනාධිපතිවරයා වැඩිදුරටත් පවසා තිබේ.
(ඩේලිමේල්)

